හිතෝපදේශ 9:12 - Sinhala New Revised Version ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය. Sinhala New Revised Version 2018 ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය. Sinhala Revised Old Version නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය. |
මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.
පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.
තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.