ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.
හිතෝපදේශ 8:12 - Sinhala New Revised Version මාගේ නාමය ප්‍රඥා තොමෝ ය. මම තීක්ෂණ බුද්ධිය ප්‍රදානය කරමි. දැනුම හා විමංසන බුද්ධිය මම පහදා දෙමි. Sinhala New Revised Version 2018 මාගේ නාමය ප්‍රඥා තොමෝ ය. මම තීක්ෂණ බුද්ධිය ප්‍රදානය කරමි. දැනුම හා විමංසන බුද්ධිය මම පහදා දෙමි. Sinhala Revised Old Version ප්‍රඥාව වන මම නුවණ සමඟ වාසයකොට, දැනගැන්මද සිහිකල්පනාවද සොයා දැනගනිමි. |
ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.
තමාගේ හිතේ තිබුණු සියල්ල වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩපවලත්, වට කාමරවලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, කැප කරන ලද දේ තිබූ ගබඩාවලත්,
“මේ සටහනේ සියලු වැඩ තේරුම් කර දුන් සමිඳාණන් වහන්සේගේ අතින් මා ලවා සියල්ල ම ලියවා තිබේ ය”යි දාවිත් කීවේ ය.
ජුදාවරු හැරී බැලූ විට තමන්ට විරුද්ධ ව ඉස්සරහින් ද පිටුපසින් ද යුද්ධය ඇති බව දැක සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය. පූජකයෝ හොරණෑ පිම්බෝ ය.
සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
මෝසෙස් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කීවේ ය: “බලන්න, සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරාගත් සේක.
දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාල ද? උන් වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරු ද? උන් වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍ය ද? උන් වහන්සේගේ ක්‍රියා මාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්ත ද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:
අපි මෙම ක්‍රිස්තුන් වහන්සේ තුළින් තෝරාගත් සෙනඟක් වෙමු. එසේ වන්නේ, දෙවියන් වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස, සියල්ල සිදු කරන ස්වකීය අභිප්‍රාය අනුව ය.
එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය.