Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 28:26 - Sinhala New Revised Version

26 දෙවිඳුන් ඔහුට උගන්වා ඇති බැවින් තමාගේ වැඩය කිරීමට ඔහු දනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 දෙවිඳුන් ඔහුට උගන්වා ඇති බැවින් තමාගේ වැඩය කිරීමට ඔහු දනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මෙසේ ඔහුගේ දෙවියන්වහන්සේ හරි විධිය ඔහුට පෙන්වා ඔහුට උගන්වනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 28:26
13 හුවමාරු යොමු  

බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය.


සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.


ඒ තරුණයන් සතරදෙනාට දෙවියන් වහන්සේ සාහිත්‍ය විෂයය හා ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් දුන් සේක. සියලු ආකාර දර්ශන හා ස්වප්න තේරුම් කර දීමේ වරම ද දානියෙල්ට තිබිණි.


මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.


දෙවිඳාණෝ උගෙන් ප්‍රඥාව වළක්වා, ඌට නැණ නුවණ නො දී හැරිය සේක.


ආරොන් මට පූජක සේවය කරන පිණිස ඔහු කැප කිරීමට අවශ්‍ය වස්ත්‍ර සෑදීමට මා විසින් විශේෂ හැකියාවකින් පූර්ණ කොට තිබෙන, සියලු දක්ෂ ශිල්පීන් හට නුඹ අණ කළ යුතු ය.


විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?


ඔව්හු මට චෝදනා කරමින් මෙසේ කියති: “ඔහු දහම උගන්වන්න එන්නේ කාට ද? ඔහුගේ පණිවුඩය වුවමනා කාට ද? එය සුදුසු වන්නේ කිරි වැරූ දරුවන්ට පමණ යි.


කෙත සූදානම් කරගත් විට, ඔහු කොල්ලු හා දුරු එහි වපුරන්නේ ය. තිරිඟු හා බාර්ලි පේළි වශයෙන් එහි සිටුවන්නේ ය. කෙතේ මායිම්හි සෙසු වර්ගවල බීජ පැළ කරන්නේ ය.


උළුහාල් සුද්ද කරන පිණිස බර මුගුරක් වත්, කරත්ත රෝදයක් වත් පාවිච්චි කරන්නේ නැත. ඒ වෙනුවට සුදුසු ප්‍රමාණයේ සැහැල්ලු කෝටු පාවිච්චි කරයි.


එහෙත්, මිනිසාට ප්‍රඥාව දෙන්නේ, සව් බලැති දෙවිඳුන්ගේ ආනුභාවය බව දැන් මම දනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්