කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන, අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?
හිතෝපදේශ 4:17 - Sinhala New Revised Version කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ. Sinhala New Revised Version 2018 කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ. Sinhala Revised Old Version මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති. |
කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන, අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?
නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත!
ඔබ එකිනෙකා තම තමාගේ අසල්වැසියාගෙන් ප්‍රවේසම් වන්න; කිසි සහෝදරයෙකු ද විශ්වාස නොකරන්න. මන්ද, හැම සහෝදරයෙක් ම ප්‍රයෝගකාරයෙකි; හැම අසල්වැසියෙකු ම කේළාම් කියමින් ඇවිදිනු ඇත.
“සමිඳාණන් වහන්සේ දිවැසිවරයන්ට විරුද්ධ ව මෙසේ කියන සේක: ‘බොරු දිවැසිවරයන් සෙනඟ රවටා ඇත. ඔවුන්ට කෑම දෙන අයට ඔව්හු සාමය ගැන කතා කරති; කෑම නොදෙන අයට විරුද්ධ ව යුද්ධයක් ඇති වේ ය’යි ඔව්හු තර්ජනය කරති.
වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.
ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.