Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 3:3 - Sinhala New Revised Version

3 ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඈ තුළ සිටින ඇගේ අධිපතීහු ගොරවන සිංහයෝය; ඇගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය; ඔව්හු පසුවදාට කිසිවක් ඉතිරි නොකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 3:3
15 හුවමාරු යොමු  

“ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය.


මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත.


නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.


එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”


ඔබේ මූලිකයෝ කැරලිකාරයෝ ය, සොරුන්ගේ මිතුරෝ ය. සියලු දෙන ම අල්ලසට ඇලුම් කරති. තම වාසිය සොයා යති; අනාථයන්ට යුක්තිය ඉටුකර නොදෙති; වැන්දඹුවන්ගේ නඩුවලට සවන් නොදෙති.


දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි, ගොදුරු සොයා යන වලසෙකි.


ඔවුන්ගේ හේවායෝ ගොදුර අල්ලා සුරැකි ව ගෙන යන සිංහයන් මෙන් ගර්ජනා කරන්නෝ ය. ඔවුන්ගෙන් ඒවා ගළවාගන්න හැකි කිසිවෙක් නොමැත.


නුඹලාගේ කඩුව කෙරෙහි විශ්වාසය තබා සිටින, පිළිකුල් ක්‍රියා කරන, තම තමාගේ අසල්වැසියාගේ භාර්යාව දූෂණය කරන නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?’


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දිවැසිවරයා හා පූජකයා දූෂ්‍ය වී සිටිති. මාගේ මැදුරෙහි ඔවුන්ගේ නපුරුකම මට දක්නට ලැබී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්