ඔහුගේ අශ්ව රථ සේනාවෙන් දෙකෙන් කොටසකට අධිපති ව සිටි ඔහුගේ සේවක වන සිම්රී ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, තිර්ශාහි මාලිගාවේ ප්‍රධානියා වන අර්ශාගේ නිවෙසේ ඔහු බීමත් ව සිටින විට,
හිතෝපදේශ 31:4 - Sinhala New Revised Version ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි. Sinhala New Revised Version 2018 ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි. Sinhala Revised Old Version ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ටත් සුරාපානයට ආශාවීම අධිපතීන්ටත් සුදුසු නැත. |
ඔහුගේ අශ්ව රථ සේනාවෙන් දෙකෙන් කොටසකට අධිපති ව සිටි ඔහුගේ සේවක වන සිම්රී ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, තිර්ශාහි මාලිගාවේ ප්‍රධානියා වන අර්ශාගේ නිවෙසේ ඔහු බීමත් ව සිටින විට,
රජුන් සමඟ කූඩාරම්වල මත්පැන් පානය කරමින් සිටි බෙන්-හදද් ඒ කීම ඇසූ විට, “සටනට සැරසෙන්නැ”යි සිය සේවකයන්ට කීවේ ය. ඔව්හු ද නගරයට විරුද්ධ ව සැරසී සිටගත්හ.
සත් වන දා රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනාගිය විට, අහෂ්වේරොෂ් රජ තමාට සේවය කළ මෙහුමාන් ද බිශ්තා ද හර්බෝනා ද බිග්තා ද අබගතා ද සේතර් ද කර්කස් ද යන නපුංසකයන් සත් දෙනා කැඳවී ය.
දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.
එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.
එම්බා දේශය, ඔබේ රජු වංශවත් උසස් කුලයක දරුවෙකු වන විට ද ඔබේ අධිපතීන් ගිජුකමින් නොකා සනීප ශක්තිය පිණිස නිසි වේලාවට පමණක් කෑම කන විට ද ඔබ වාසනාවන්ත ය!
වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි.