හිතෝපදේශ 3:35 - Sinhala New Revised Version නැණවතුන් හට කීර්තිය උරුම වේ; නැණ හීනයන් හට අපකීර්තිය හිමි වේ. Sinhala New Revised Version 2018 නැණවතුන් හට කීර්තිය උරුම වේ; නැණ හීනයන් හට අපකීර්තිය හිමි වේ. Sinhala Revised Old Version ඥානවන්තයන්ට ගෞරවය උරුමවේ; නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලජ්ජාවය. |
ඇයට ගරු සම්මාන පිරිනමන්න, එවිට ඈ ඔබ උසස් කරනු ඇත. ඇය සෙනෙහසින් වැළඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවනු ඇත.
යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ.
එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.