හිතෝපදේශ 25:1 - Sinhala New Revised Version ජුදාහි රජ වූ හෙසකියාගේ ලේකම්වරුන් විසින් පිටපත් කරන ලද සලමොන් නිරිඳුන්ගේ තවත් උපදේශ පහත දක්වනු ලැබේ. Sinhala New Revised Version 2018 ජුදාහි රජ වූ හෙසකියාගේ ලේකම්වරුන් විසින් පිටපත් කරන ලද සලමොන් නිරිඳුන්ගේ තවත් උපදේශ පහත දක්වනු ලැබේ. Sinhala Revised Old Version මේවාත් යූදාහි රජවූ හෙසකියාගේ මිනිසුන් එකතු කොට ලිවුවාවූ සාලමොන්ගේ හිතෝපදේශය. |
සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි.
තවද, ධර්මදේශකයා ප්‍රඥාවත් ව සිටි නිසා ඔහු සෙනඟට වැඩි වැඩියෙන් දැනීම දුන්නේ ය. එසේ ය, ඔහු බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය.
ජුදාහි රජවරුන් වූ උශ්ශියාගේ ද ජෝතාම්ගේ ද ආහාස්ගේ ද හෙසකියාගේ ද කාලයන්හි දී ජුදා දේශය හා ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කළ පණිවුඩ මේ පොතේ සටහන් කර ඇත.
එවිට හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් ව සිටි ෂෙබ්නා ද ජෝවා ද තම තමන්ගේ ඇඳුම් ශෝකයෙන් ඉරාගෙන හෙසකියා රජු වෙත ගොස් රබ්-ෂාකේ කී දේ ඔහුට සැළ කළෝ ය.
ඔහු ගෝණි රෙදි ඇඳගෙන සිටි රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම් ද ලේකම් වන ෂෙබ්නා ද ජ්‍යෙෂ්ඨ පූජකයන් ද ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා වෙත යැව්වේ ය.
උශ්ශියා, ජෝතාම්, ආහාස් සහ හෙසකියා පිළිවෙළින් ජුදාහි රජවරුන් වූ කාලයේ දී ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි රජ ව සිටි කාලයේ දී ද බෙයේරිගේ පුත් හොසියාට සමිඳාණන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:
ජෝතාම්, ආහාස් හා හෙසකියා ජුදාහි රජකම් කරන කාලයේ දී, සමාරිය හා ජෙරුසලම සම්බන්ධ ව දර්ශන මඟින් මෝරෙෂෙත්හි මීකාට සමිඳාණන් වහන්සේ ප්‍රකාශ කළ පණිවුඩය මෙය වේ: