Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 12:9 - Sinhala New Revised Version

9 තවද, ධර්මදේශකයා ප්‍රඥාවත් ව සිටි නිසා ඔහු සෙනඟට වැඩි වැඩියෙන් දැනීම දුන්නේ ය. එසේ ය, ඔහු බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 තවද, ධර්මදේශකයා ප්‍රඥාවත් ව සිටි නිසා ඔහු සෙනඟට වැඩි වැඩියෙන් දැනීම දුන්නේ ය. එසේ ය, ඔහු බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 තවද දේශනාකාරයා ප්‍රඥාවන්තව සිටි නිසා ඔහු සෙනඟට තවත් දැනගැන්ම ඉගැන්වූවේය; එසේය, ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 12:9
8 හුවමාරු යොමු  

ඔහු උපදේශ වාක්‍ය තුන්දහසක් කීවේ ය. ඔහුගේ ගීතිකා එක්දාස් පහකි.


ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය:


ජුදාහි රජ වූ හෙසකියාගේ ලේකම්වරුන් විසින් පිටපත් කරන ලද සලමොන් නිරිඳුන්ගේ තවත් උපදේශ පහත දක්වනු ලැබේ.


සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි.


ඔබේ භාර්යාවෝ‍ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය.


සමිඳාණන් වහන්සේ සලමොන්ට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන් සේක; හීරාම් සහ සලමොන් අතරේ සාමදානය පැවතුණේ ය. තවද, ඔව්හු දෙදෙනා එක් ව ගිවිසුමක් කර ගත්තෝ ය.


නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන් ද සෙනඟ හරි මඟ ගෙන ගිය අය තාරකාවන් මෙන් ද සදාකාලයට ම බැබළෙන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්