එදින රෑ තම පියාට මිදියුස පොවා අක්කා පියා සමඟ සයනය කළා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් තමා සමඟ එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
හිතෝපදේශ 23:29 - Sinhala New Revised Version දුක කාට ද? කාලකණ්ණිකම කාට ද? අඬදබර කාට ද? මැසිවිලි කාට ද? නිකරුණේ තුවාළ කාට ද? රතු ඇස් කාට ද? Sinhala New Revised Version 2018 දුක කාට ද? කාලකණ්ණිකම කාට ද? අඬදබර කාට ද? මැසිවිලි කාට ද? නිකරුණේ තුවාළ කාට ද? රතු ඇස් කාට ද? Sinhala Revised Old Version දුක ඇත්තේ කාටද? කාලකණ්ණිකම කාටද? තරඟ කාටද? මැසිවිලි කාටද? නිෂ්කාරණා තුවාළ කාටද? රතු ඇස් ඇත්තේ කාටද? |
එදින රෑ තම පියාට මිදියුස පොවා අක්කා පියා සමඟ සයනය කළා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් තමා සමඟ එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
පසු දින දී දාවිත් ඔහු කැඳවා, ඔහුට කන්නටත්, බොන්නටත් දී ඔහු වෙරිමත් කෙළේ ය. ඔහු සවස තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදන පිණිස ගියේ ය. එහෙත් සිය ගෙදරට නොගියේ ය.
අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණ කරමින්, “අම්නොන් මුද්‍රික පානය බී විනෝද සිතින් සිටින කල, ‘අම්නොන්ට පහර දෙන්නැ’යි මා ඔබට කී විට, ඔහු මරාදමන්න; බිය නොවන්න; ඔබට අණ කරන්නේ මම නොවෙම් ද? ධෛර්යවත් ව ද බලසම්පන්න ව ද සිටින්නැ”යි කී ය.
උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.
මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න.