Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 23:28 - Sinhala New Revised Version

28 මොවුහු හොරුන් මෙන් සැඟවී බලා සිටිති, බොහෝ දෙන පරදාර සේවනයට පොළඹවති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මොවුහු හොරුන් මෙන් සැඟවී බලා සිටිති, බොහෝ දෙන පරදාර සේවනයට පොළඹවති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 එසේය, ඈ කොල්ලකාරයෙකු මෙන් රැකසිට, මනුෂ්‍යයන් අතරේ අවිශ්වාසයන් වැඩිකරන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 23:28
15 හුවමාරු යොමු  

ස්ත්‍රිය මරණයටත් වඩා භයංකර ය. ඈ මලපතක් වැන්න; ඇගේ සිත දැලක් වැන්න; ඇගේ අත විලංගුවක් වැන්න. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති.


විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි.


ඔවුන්ගෙන් සමහරෙකු අනාචාරයෙහි යෙදුණාක් මෙන් අපි අනාචාරයෙහි නොයෙදෙමු. එසේ යෙදුන අයගෙන් විසි තුන් දහසක් එක දවසෙහි ම මළහ.


“කාමසේවනය, සුරා පානය සහ මිදියුස සිහිය විකල් කරයි.


වෙසඟනකගේ කට ගැඹුරු වළක් වැන්න; සමිඳුන්ගේ කෝපයට පාත්‍රවන්නෝ ඒ වළේ වැටෙති.


පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.


ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති.


ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ.


වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි; පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි.


දවසින් දවස, ඈ සමඟ සයනය කිරීමට හෝ ඈ ළඟ සිටීමට හෝ ඈ ජෝසෙප්ට කතා කළ නමුත්, ඔහු ඈට ඇහුම්කන් නුදුන්නේ ය.


එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්