Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 23:29 - Sinhala Revised Old Version

29 දුක ඇත්තේ කාටද? කාලකණ්ණිකම කාටද? තරඟ කාටද? මැසිවිලි කාටද? නිෂ්කාරණා තුවාළ කාටද? රතු ඇස් ඇත්තේ කාටද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 දුක කාට ද? කාලකණ්ණිකම කාට ද? අඬදබර කාට ද? මැසිවිලි කාට ද? නිකරුණේ තුවාළ කාට ද? රතු ඇස් කාට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 දුක කාට ද? කාලකණ්ණිකම කාට ද? අඬදබර කාට ද? මැසිවිලි කාට ද? නිකරුණේ තුවාළ කාට ද? රතු ඇස් කාට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 23:29
16 හුවමාරු යොමු  

මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;


මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යමත් මනුෂ්‍යයෝවූ,


මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ!


මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.


මක්නිසාද ඔව්හු කටු ගස් වාගේ පටලැවී, තමුන්ගේ සුරාපානයෙන් පෙඟී සිටියත්, හොඳට වේළී තිබෙන ඉපනැලි මෙන් දාලායන්නෝය.


මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.


අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: මෙන්න, බලන්න, අම්නොන්ගේ සිත මුද්‍රික පානයෙන් ප්‍රීතිවී තිබෙන විට–අම්නොන්ට පහරදෙන්නැයි මා නුඹලාට කීවාම ඔහු මරන්න, භයනොවෙන්න. නුඹලාට අණකෙළේ මම නොවෙම්ද? ධෛර්යවත්ව වික්‍රමාන්විතව සිටින්නැයි කීවේය.


ඔහුගේ ඇස් මුද්‍රිකපානයෙන් රතු වන්නේය, ඔහුගේ දත් කිරෙන් සුදුවන්නේය.


පසුව දාවිත් ඔහු කැඳවූ කල්හි ඔහු ඇවිත් රජ ඉදිරියෙහි කෑවේය, බීවේය; රජතෙමේ ඔහු වෙරිකෙළේය. ඔහු සවස තමාගේ ස්වාමිහුගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදාගන්ට පිටතට ගියේය. එහෙත් තමාගේම ගෙදරට ගියේ නැත.


මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න.


ඔව්හු ඒ රාත්‍රියෙහි තමන්ගේ පියාට මුද්‍රිකපානය පෙවුවෝය. වැඩිමහල් තැනැත්තී ඇතුල්ව තමාගේ පියා සමඟ සයනයකළාය; ඇගේ සයනය කිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්