හිතෝපදේශ 22:5 - Sinhala New Revised Version වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි. Sinhala New Revised Version 2018 වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි. Sinhala Revised Old Version කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත; තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි. |
දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.
පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය.
නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙන් මේ ජාතීන් මින්පසු පන්නා නොදමන බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් ද උගුලක් ද ඔබේ ඇළපත්වලට පහර දෙන කසයක් ද ඔබේ ඇස්වලට කටු ද මෙන් වන බවත් සහතික ලෙස දැනගන්න.
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.