Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 22:5 - Sinhala Revised Old Version

5 කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත; තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 22:5
15 හුවමාරු යොමු  

අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය; එහෙත් අවංක අයගේ මාවත මහ පාරක්ය.


දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.


අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය; තමාගේ මාර්ගය බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය.


ආඥාව රක්ෂාකරන්නා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය; එහෙත් තමාගේ මාර්ග ගැන නොසලකන්නා නසින්නේය.


හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය.


මක්නිසාද තමාගේ පාදවලින් ඔහු දැලකට අසුවන්නේය, ඔහු මලපත් උඩ ඇවිදින්නේය.


කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.


මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.


දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.


යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.


නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි.


දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්