එහෙත්, උරියා සිය ගෙදරට නොගොස්, තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ රජ මාලිගාවේ දොරකඩ නිදාගත්තේ ය.
හිතෝපදේශ 21:30 - Sinhala New Revised Version ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත. Sinhala New Revised Version 2018 ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත. |
එහෙත්, උරියා සිය ගෙදරට නොගොස්, තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ රජ මාලිගාවේ දොරකඩ නිදාගත්තේ ය.
දොරකඩින් ඇතුළු වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු විට ඔහු කතා කොට, “ජෙරොබෝවම්ගේ බිරිඳ ඇතුළට එන්න. ඔබ අන් තැනැත්තියක මෙන් පෙන්වන්නේ කුමට ද? කණගාටුදායක ආරංචි දැන්වීමට මට තිබේ.
ඔහුගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, එසේ නොවේ. ඔබේ යහන් ගබඩාවේ දී ඔබ කියන වචන ඉශ්රායෙල්හි දිවැසිවරයා වන එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේ ය”යි කීවේ ය.
කොයි කවර දෙයක් වුව ද සිදු වන්නේ පූර්ව නියමයක් අනුව ය. තමාට වඩා බලවත් උතුමෙකු සමඟ විවාද කරන්න මනුෂ්‍යයෙකුට බැරි ය.
සව් බලැති සමිඳුන් මෙසේ කිරීමට අධිෂ්ඨාන කර ඇත. එය නිෂ්ප්‍රභා කරන්නේ කවරෙක් ද? දඬුවම් කිරීමට එතුමන් ස්වකීය හස්තය ඔසවා ඇත. එය නැවැත්විය හැක්කේ කාට ද?
යුද්ධයෙහි බලයත්, දක්ෂකමත්, උපායත් වෙනුවට කතාව පමණක් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? මට විරුද්ධ ව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරු ද කියා ඔබ සිතන්නෙහි ද?
මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත! කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද? නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද?
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!
කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය.
ඉදින් මේ සිද්ධිය ගැන මා ඔබට කියන්නේ, මේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින්න කියාත්, තමන්ගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාත් ය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය හෝ මිනිසාගෙන් වන දෙයක් නම්, එය කඩාකප්පල් වන්නේ ය.
එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ.
එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.
තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය.