Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 11:9 - Sinhala New Revised Version

9 එහෙත්, උරියා සිය ගෙදරට නො‍ගොස්, තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ රජ මාලිගාවේ දොරකඩ නිදාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එහෙත්, උරියා සිය ගෙදරට නො‍ගොස්, තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ රජ මාලිගාවේ දොරකඩ නිදාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එහෙත් උරියා තමාගේ ගෙදරට නොගොස් තමාගේ ස්වාමිහුගේ සියලු මෙහෙකරුවන් සමඟ රජ ගෙයි දොරකඩ නිදාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:9
6 හුවමාරු යොමු  

“උරියා තමාගේ ගෙදරට නො‍ගියේ ය”යි දාවිත්ට දන්වනු ලැබූ කල, දාවිත් උරියාට කතා කොට, “ඔබ ගමනක් ගොස් ආවා නො‍වේ ද? ඔබ ගෙදර නො‍ගියේ මන්දැ”යි ඇසුවේ ය.


පසු දින දී දාවිත් ඔහු කැඳවා, ඔහුට කන්නටත්, බොන්නටත් දී ඔහු වෙරිමත් කෙළේ ය. ඔහු සවස තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදන පිණිස ගියේ ය. එහෙත් සිය ගෙදරට නො‍ගියේ ය.


රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය.


රජතුමා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු ප්‍රස්තාවන්හි දී මුර භටයෝ ඒවා උසුලාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්