Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 2:2 - Sinhala New Revised Version

2 එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එවිට දේශය සොයා බලන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිස්සු අද රෑ මෙහි ආවෝයයි යෙරිකෝවේ රජුට කියනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 2:2
7 හුවමාරු යොමු  

ලොවේ සියලු වැසියන් කිසි වටිනාකමක් නැති අය සේ එතුමාණෝ සලකන සේක. උන් වහන්සේ ස්වර්ගික සේනාවන් හා පොළොවේ වැසියන් අතර තමන් රිසි දේ කරන සේක. උන් වහන්සේගේ ක්‍රියාවන් නවත්වන්නට වත්, ‘ඔබ කුමක් කරන සේක් ද’ කියා උන් වහන්සේට අභියෝග කරන්නට වත් පුළුවන් කිසිවෙක් නැත.


මම දෙවියන් වහන්සේ ය; සදහට ම එසේ වෙමි; මාගේ බලයෙන් මිදී යන්න කිසිවෙකුට නොහැකි ය. මා කරන දේ වෙනස් කරන්න කිසිවෙකුට නොහැකි ය.”


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.


නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.


මේ දේ ඇසූ ජෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ වෙත පැමිණ ඔබේ ගෙට ඇතුළු වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද, ඔවුන් පැමිණ සිටින්නේ මුළු දේශයේ ඔත්තු බලන පිණිස ය”යි දැන්වී ය.


දාන් වැසියෝ දේශයෙහි ඔත්තු බලන පිණිස, තමන්ගේ සියලු සෙනඟ අතරෙන් තමන්ගේ ම පෙළපෙත් වික්‍රමාන්විත මිනිසුන් පස්දෙනෙකු තෝරාගෙන, ශොරා ද එෂ්තායොල් ද සිට යවමින්, “ඔබ ගොස් දේශයෙහි ඔත්තු බලන්නැ”යි ඔවුන්ට කීවෝ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්