හිතෝපදේශ 21:29 - Sinhala New Revised Version දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි. Sinhala New Revised Version 2018 දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි. Sinhala Revised Old Version දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි; එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි. |
දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ.
බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.
ප්‍රඥාවන්තයාට සම කළ හැකි කෙනෙක් ඇද් ද? කාරණයක අර්ථය දන්නේ කවරෙක් ද? මිනිසෙකුගේ මුහුණ ඔහුගේ ප්‍රඥාවෙන් පැහැපත් වෙයි; එහි රළුකම පහවී යයි.
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
මාගේ සෙනඟෙනි, මා පිළිකුල් කරන දේ නුඹලා කළ නිසා ලජ්ජා වූවහු ද? නැත. නුඹලා කොහෙත් ම ලජ්ජා වුණේ වත්, නුඹලාට නින්දාව දැනුණේ වත් නැත. ඒ නිසා, නුඹලා වැටෙන්නන් අතරෙහි වැටෙනු ඇත; නුඹලාට දඬුවම් පැමිණෙන කාලයේ දී නුඹලා පැකිළ වැටෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
“නුඹලාට මෙදින සිට ඉදිරි කාලයේ සිදු වන දේ ගැන මෙනෙහි කරන්න. මාලිගාවේ ගලක් පිට ගලක් තබන්න පෙර නුඹලාගේ තත්ත්වය මේ ය.
අපගේ පිය වූ දෙවියන් වහන්සේ ම ද අපගේ ස්වාමීන් වූ ජේසුස් සමිඳාණන් වහන්සේ ද ඔබලා වෙතට එන්න අපට මාර්ගය සලස්වා දෙන සේක් වා!