අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද? ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.
හිතෝපදේශ 18:5 - Sinhala New Revised Version විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත. Sinhala New Revised Version 2018 විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත. Sinhala Revised Old Version දුෂ්ටයාගේ තරම සැලකීමද විනිශ්චයේදී ධර්මිෂ්ඨයාගේ යුක්තිය පෙරළීමද හොඳ නැත. |
අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද? ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.
නපුරක් කිරීමට වැඩි දෙනාගේ පැත්ත නොගත යුතු ය. නඩුවක දී යුක්තියට පිටුපා වැඩි දෙනාගේ පැත්ත ගෙන සාක්ෂි නොදිය යුතු ය.
යුක්තිය බැහැර කොට ඇත; දැහැමිකම දුරින් දුරු වී ඇත. සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත. ඇත්තට තැනක් නැත.
“නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.
යුක්තිය පිළිකුල් කරන, ඇත්ත නැත්ත කරන ජාකොබ්ගේ වංශයේ නායකයෙනි, ඉශ්රායෙල් වංශයේ අධිපතියෙනි, මට සවන් දෙන්න.
වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.
ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු.
ඔවුන් අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතු ය. ඔවුන් මිනිසුන්ගේ තරාතිරම් නොබැලිය යුතු ය. අල්ලස් නොගත යුතු ය. අල්ලස් ගැනීමෙන් පැණවතුන්ගේ නෙත් අඳුරු වේ; දමිටුන්ගේ වචන පවා නොපිටට පෙරළේ.