මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත. අල්ලෙසන් පොහොසත් වූ ඔවුන්ගේ ගේදොර ගින්නෙන් දැවී යනු ඇත.
හිතෝපදේශ 14:11 - Sinhala New Revised Version දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත. Sinhala New Revised Version 2018 දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත. Sinhala Revised Old Version දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය; එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය. |
මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත. අල්ලෙසන් පොහොසත් වූ ඔවුන්ගේ ගේදොර ගින්නෙන් දැවී යනු ඇත.
ප්‍රභූවරයාගේ මන්දිරය කොතැන්හි ද? දුෂ්ටයා විසූ නිවෙස කොහේ ද කියා ඔබ ප්‍රශ්න කරන්නහු ද?
මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද? නූල් පොටේ එල්ලුණොත් එයට ඔවුන් දරා ගත හැකි ද?
ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත.
ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වියළි කොළයක් මෙන් වැටෙයි; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීක වෙයි.
දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත; සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.
සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”