හිතෝපදේශ 11:17 - Sinhala New Revised Version කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය. Sinhala New Revised Version 2018 කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය. Sinhala Revised Old Version කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය. |
කාත් කවුරුත් නැති ව, හුදකලා ව වසන කෙනෙක් ඇත. ඔහුට පුත්‍රයෙක් වත්, සහෝදරයෙක් වත් නැත; එහෙත්, ඔහුගේ සියලු ම වැඩකටයුතුවල නිමාවක් නැත; ඔහු තමා උපයන වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. “මම මෙසේ පණ නොතකා, වෙහෙස වී, සැපක් නැති ව වැඩ කරන්නේ කා උදෙසා දැ”යි ඔහු නොඅසයි. මෙය ද නිසරු දෙයකි, කාලකණ්ණි ජීවිතයකි.
ධර්මිෂ්ඨයා මිය යන්නේ ය, එහෙත් කිසිවෙක් එය සිතට නොගන්නේ ය. බැතිමත්හු අභාවයට යති. එහෙත් කිසිවෙක් එය තේරුම් නොගනිති. මන්ද, විපත පැමිණෙන්න පෙර ඔව්හු ගෙනයනු ලබති.
එබැවින් රජතුමනි, මාගේ දැනමුතුකම පිළිගැනීමට සතුටු වුව මැනව. දැහැමිකම් කිරීමෙන් ඔබේ පාප ද දිළිඳුන්ට කරුණා කිරීමෙන් ඔබේ අපරාධ ද පහකළ මැනව. එසේ කිරීමෙන් සමහර විට දීර්ඝ කාලයක් ඔබට සාමදානයෙන් සිටින්නට පුළුවන් වනු ඇත.”
අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙන් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක.
දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.