දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.
හිතෝපදේශ 10:30 - Sinhala New Revised Version දැහැමියා සිය තැනින් කිසිදා නොසෙල් වෙයි; එහෙත් දුෂ්ටයාට දේශයෙහි තැනක් නැති වෙයි. Sinhala New Revised Version 2018 දැහැමියා සිය තැනින් කිසිදා නොසෙල් වෙයි; එහෙත් දුෂ්ටයාට දේශයෙහි තැනක් නැති වෙයි. Sinhala Revised Old Version ධර්මිෂ්ඨයා කිසිකලෙක නොසෙලවන්නේය; එහෙත් දුෂ්ටයන්ට දේශයෙහි වාසයක් නොලැබේ. |
දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.
ඔහු මුදල් පොළියට නොදෙයි; නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.
හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.
දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.
ඔව්හු කතා කොට, “ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ”යි කී හ.