සෙකරියා 5:9 - Sinhala New Revised Version මම හිස ඔසවා බැලූ විට ස්ත්‍රීන් දෙදෙනකු මා දෙසට එනවා දිටිමි. කණ කොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබිණි. ඔවුන්ගේ ඒ පියාපත්වලට සුළං බැඳී ය. ඔව්හු අහසත්, පොළොවත් අතරේ ඒ භාජනය උසුලාගෙන ගියෝ ය. Sinhala New Revised Version 2018 මම හිස ඔසවා බැලූ විට ස්ත්‍රීන් දෙදෙනකු මා දෙසට එනවා දිටිමි. කණ කොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබිණි. ඔවුන්ගේ ඒ පියාපත්වලට සුළං බැඳී ය. ඔව්හු අහසත්, පොළොවත් අතරේ ඒ භාජනය උසුලාගෙන ගියෝ ය. Sinhala Revised Old Version එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය; කනකොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒඵාව උස්සාගෙන ගියෝය. |
අහසේ ඉගිලෙන මානකොකා ඔබමොබ යනෙන කාලය දනියි; කොබෙයියා ද වැහිලිහිණියා ද කොකා ද ආපසු පැමිණීමේ කාලය දැන සිටිති. එහෙත් මාගේ සෙනඟ, නුඹලා මාගේ අණපණත් නොදන්නහු ය.
“හොරණෑව පිඹින්න; මන්ද, රාජාලියෙකු මෙන් සතුරෝ සමිඳාණන් වහන්සේගේ ගෘහය පිට පැමිණෙන්නෝ ය. මාගේ සෙනඟ මාගේ ගිවිසුම කඩ කර, මාගේ ආඥාවලට විරුද්ධ ව කැරලිගැසූ හ.
“තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා;
ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.