ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි.
සෙකරියා 1:13 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මා සමඟ කතා කළ දූතයාට යහපත්, පැහැදිලි වචනවලින් පිළිතුරු දුන් සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මා සමඟ කතා කළ දූතයාට යහපත්, පැහැදිලි වචනවලින් පිළිතුරු දුන් සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මා සමග කථාකළ දූතයාට යහපත්වූ සැනසිලිදායක වචනවලින් උත්තර දුන්සේක. |
ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි.
“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.
එවිට සිහින් හණ රෙදි හැඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට මම කතා කොට, “මේ අරුමපුදුම දේවල් තීන්දු වීමට කොපමණ කල් ගතවනු ඇද්දැ”යි ඇසුවෙමි.
“ස්වාමීනි, මේ අශ්වයන් මෙහි සිටීමේ තේරුම කුමක් දැ”යි මම ඇසීමි. මා සමඟ කතා කළ දූතයා පිළිතුරු දෙමින්, “එහි තේරුම, මම නුඹට පහදා දෙමි”යි කීවේ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”