මෙසේ ජෙහෝෂාපාට්ගේ රාජ්‍යය සාමකාමී ව පැවතුණේ ය. එසේ වූයේ, ඔහුගේ දෙවියන් වහන්සේ හාත්පසින් ම ඔහුට සාමදානය දුන් බැවිනි.
ශෙපනියා 3:13 - Sinhala New Revised Version ඉශ්රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝ ය; බොරු නොකියන්නෝ ය. වංචාව ඔවුන්ගේ කතාවෙහි නොවන්නේ ය. ඔවුන්ට සෞභාග්‍යය ද සුරක්ෂිතකම ද ඇති වන්නේ ය. කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත.” Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝ ය; බොරු නොකියන්නෝ ය. වංචාව ඔවුන්ගේ කතාවෙහි නොවන්නේ ය. ඔවුන්ට සෞභාග්‍යය ද සුරක්ෂිතකම ද ඇති වන්නේ ය. කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත.” Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය. |
මෙසේ ජෙහෝෂාපාට්ගේ රාජ්‍යය සාමකාමී ව පැවතුණේ ය. එසේ වූයේ, ඔහුගේ දෙවියන් වහන්සේ හාත්පසින් ම ඔහුට සාමදානය දුන් බැවිනි.
සිරියාවේ නගර සදහට ම පාළු වන්නේ ය. ඒවා බැටළුවන්ට හා ගවයන්ට ලැගුම් බිම් වන්නේ ය. උන් එලවාදමන්න කිසිවෙක් එහි නොවන්නෝ ය.
ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.
නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.
දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.
ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.
‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක. ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.
මා නමදින මාගේ සෙනඟ උදෙසා ෂාරොන් පෙදෙස, එළු බැටළු රැළවලට තණ බිමක් ද ආකොර් මිටියාවත, ගව රැළවලට ලැගුම් පළක් ද වන්නේ ය.
ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
“ඒ නිසා, මාගේ මෙහෙකරු වූ ජාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, බිය නොවන්න. ඉශ්රායෙල් ජනයෙනි, නොකැළඹෙන්න. නුඹලා විප්‍රවාසී වී සිටින ඒ දුර රටින් මම නුඹලා ගළවාගන්නෙමි. ජාකොබ්ගේ පරපුර වහල්කමෙන් හැරී අවුත්, කිසිවෙකුට බිය නොවී, නිසංසල ව, සුව සේ සිටිනු ඇත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.
එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපණත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනවුත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස් කොට, මා සුවිශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ විජාතීන් ඉදිරියෙහි ඔප්පු වූ විට,
“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය. මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.
මන්ද, සමිඳාණෝ සියොන් කන්දේ වැඩ වාසය කරන සේක. සියලු වරදකරුවන්ට මම දඬුවම් දෙමි. ඔවුන්ගේ ලේ වැගිරීමේ වරද ගැන මම පළිගනිමි.”
“නුඹලාගේ දේශයෙහි මම නුඹලාට සාමය දෙන්නෙමි. නුඹලා ද කිසි බියක් සැකක් නැති ව සැතපෙනු ඇත. රටින් චණ්ඩ මෘගයන් පන්නාදමමි. නුඹලාගේ දේශයෙහි යුද්ධයක් ද සිදු නොවනු ඇත.
ඔවුන්ට කිසිවෙකුගෙන් බියක් නැත. එකිනෙකා තම තමාගේ මිදි වැල යට ද අත්තික්කා ගස යට ද යෙහෙන් වාසය කරනු ඇත.” සව් බලැති සමිඳාණෝ මෙය වදාළ සේක.
එහෙත්, නැති වූ අයගෙන් ඉතිරි කුඩා පිරිසක් ඇති කරන්නෙමි. ඉවත දැමූ අය බලවත් ජාතියක් කරන්නෙමි. මෙතැන් පටන් සදහට ම සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ කන්දේ ඔවුන් කෙරෙහි රජකම් කරන සේක.”
සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.
ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පෝෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.
ඈ තුළ වැඩ සිටින සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය. උන් වහන්සේ කිසි කලෙක වැරදි දේ නොකරන සේක. උදයක් උදයක් පාසා නොවරදවා ම උන් වහන්සේ සෙනඟ වෙත යුක්තිය ගෙන එන සේක. එහෙත්, අදමිටු අය විලි ලජ්ජා නැති ව අයුතු දේ ම කරති.
ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි.
නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න.
ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය.
මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,
ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, “මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක.
එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.
අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.
එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.