ශෙපනියා 2:4 - Sinhala New Revised Version ගාසා නගරයේ කිසිවෙකු වත් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් විනාශ වන්නේ ය; අෂ්දොද්වරු මද්දහන වේලාව වන විට පලවා හරිනු ලබන්නෝ ය; එක්‍රොන් උදුරාදමනු ලබන්නේ ය. Sinhala New Revised Version 2018 ගාසා නගරයේ කිසිවෙකු වත් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් විනාශ වන්නේ ය; අෂ්දොද්වරු මද්දහන වේලාව වන විට පලවා හරිනු ලබන්නෝ ය; එක්‍රොන් උදුරාදමනු ලබන්නේ ය. Sinhala Revised Old Version මක්නිසාද ගාසා අත්හරිනු ලබන්නේය, අෂ්කෙලොන් පාළුවක් වන්නේය. ඔව්හු මද්දහන් වේලාවේ අෂ්දොද්වරුන් එළවා දමන්නෝය, එක්‍රොන්ද උදුරනු ලබන්නේය. |
“අහෝ පිලිස්තියේ ජනයෙනි, නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත. එහෙත්, ප්‍රීති නොවන්න. මන්ද, එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය. උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.
මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි.
අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්,
තවද, ඔවුන් කතා කොට, ‘ජෙරුසලමට විරුද්ධ ව සටනට සැරසෙන්න; නැඟිටින්න, ඉර මුදුන් වේලාවේ දී අපි පහර දෙමු’යි කියනු ඇත. එසේ වුව ද, ‘දැන් කල් වේලා ගත වී ඇත; දවාල පහ වී සවස සෙවණැලි වැටීගෙන එයි;