Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 2:5 - Sinhala New Revised Version

5 මුහුදුබඩ වසන පිලිස්තිවරුනි, කෙරෙතිවරුනි, අනේ! නුඹලාට වන විපතක මහත! පිලිස්තිවරුන්ගේ දේශය වන කානානය, සමිඳාණන් වහන්සේ නුඹ ගැන තීන්දුව දී හමාර ය. උන් වහන්සේ කිසිවෙකු ඉතුරු නොවන සේ නුඹ විනාශ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මුහුදුබඩ වසන පිලිස්තිවරුනි, කෙරෙතිවරුනි, අනේ! නුඹලාට වන විපතක මහත! පිලිස්තිවරුන්ගේ දේශය වන කානානය, සමිඳාණන් වහන්සේ නුඹ ගැන තීන්දුව දී හමාර ය. උන් වහන්සේ කිසිවෙකු ඉතුරු නොවන සේ නුඹ විනාශ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ; වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 2:5
14 හුවමාරු යොමු  

මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධ ව දිගු කොට, කෙරෙතිවරුන් වනසාදමා, මුහුදුබඩ ඉතිරි ව සිටින්නන් නැති කරන්නෙමි.


“ස්වාමීන් වන මා එයට කාර්යයක් භාර කර තිබෙන නිසා එය නිසල ව සිටින්නේ කෙසේ ද? අෂ්කෙලෝන්ටත්, මුහුදුබඩ වෙසෙන සෙනඟටත් පහර දෙන ලෙස මා එයට අණ කර ඇත.”


“ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව, මිසර දේශයෙන් මා පිටතට ගෙනා නුඹලාගේ මුළු ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වදාරන මේ වචනවලට සවන් දෙන්න:


“ඒ ප්‍රදේශයේ ගාසාවේ ද අෂ්දොද්හි ද අෂ්කෙලොන්හි ද ගාත්හි ද එක්‍රොන්හි ද පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙනා විසූ හ. තවද, අවිම් පළාත ද එයට අයිති ය.


මේ උපමාව තමන්ට විරුද්ධ ව එල්ල කළ බව තේරුම්ගත් ඔව්හු උන් වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත්, ජනකායට බිය වූයෙන් ඔව්හු උන් වහන්සේ අත්හැර යන්න ගියහ.


ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.


“මම ජාතීන් වනසාලීමි; ඔවුන්ගේ පවුරු නටබුන් වී ඇත; වීථිවල කිසිවකුට ගමන් නොකළ හැකි සේ ඒවා පාළු කෙළෙමි. ඔවුන්ගේ නගරවල කිසිවෙකු වත් නොවසන ලෙස ජන ශූන්‍ය වී ඇත.


අහෝ ඉශ්රායෙල් ජනයෙනි! ඔබ හැම ගැන නඟන මාගේ මේ විලාපයට සවන් දෙන්න:


සමිඳුන් තමන් සෙනඟ අතරෙන් දුප්පත් අය පෝෂණය කොට, ඔවුන්ට සුරැකි ව ජීවත් වීමට සලසන සේක. එහෙත්, පිලිස්තිවරුන් වන නුඹලාගෙන් එකෙකු වත් ඉතිරි නොවන සේ එතුමාණෝ නුඹලා පිට භයානක සාගතයක් එවන සේක.


ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති.


අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.


“අහෝ පිලිස්තියේ ජනයෙනි, නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත. එහෙත්, ප්‍රීති නොවන්න. මන්ද, එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය. උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.


සියලු වෙළෙඳුන් වැනසූ නිසා ද රිදී කිරන අය විනාශ කරනු ලැබූ නිසා ද නගරයේ පහත කොටසේ සිටින නුඹලා හඬා වැලපෙන්න.


ඉතිරි ව තිබෙන ප්‍රදේශ නම් මේවා ය. පිලිස්තිවරුන්ගේ සියලු ප්‍රදේශ හා ගෙෂුර්වරුන්ගේ සියලු ප්‍රදේශ වේ. එනම්, මිසරයට නැගෙනහිරෙන් තිබෙන ෂිහොර් සිට උතුරේ එක්‍රොන් දක්වා කානානිවරුන්ගේ පළාත් වශයෙන් ගැණෙන ප්‍රදේශ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්