ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.
මාක් 8:38 - Sinhala New Revised Version එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.” සිංහල කාලීන පරිවර්තනය මේ පරදාරික, පාපිෂ්ඨ පරම්පරාවේ යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් ද තම පියාණන්ගේ තේජසින් ද, තම ශුද්ධ දේව දූතයින් ද සමඟ එන කල, ඒ තැනැත්තා ගැන ලජ්ජා වනු ඇතැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.” Sinhala Revised Old Version එසේ හෙයින් මේ කාමමිථ්‍යාචාරිකවූ පාපිෂ්ඨවූ පරම්පරාවේදී යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්ගේ තේජසින් ශුද්ධ දේවදූතයන් සමඟ එන කල, උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවෙනවාඇතැයි කීසේක. |
ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.
තවදුරටත් බලා සිටිය දී මම රාත්‍රි දර්ශනවල දී මෙසේ දිටිමි. මනුෂ්‍ය-පුත්‍රයා වැනි කෙනෙක් අහසේ වලාකුළු පිරිවරා අවුත් පෞරාණිකයාණන් වෙත එළඹුණේ ය. උන් වහන්සේ පෞරාණිකයාණන් වෙත පමුණුවනු ලැබූ සේක.
නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.
උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජෝනා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ.
මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,
මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.
සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යශ්‍රීයෙන් වඩිනු දක්නා තෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසි සේත් මරණයට පත් නොවෙති.”
අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවක් හාස්කමක් සොයන්නේ ය. එහෙත්, දිවැසිවර ජෝනා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් නොදක්වනු ලැබේ ය”යි කියා ඔවුන් අත්හැර නික්ම ගිය සේක.
එකල මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ සලකුණ අහසෙහි පහළ වෙයි. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය. ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය.
“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.
ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක.
එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති.
ජේසුස් වහන්සේ ද, “එසේ ය, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ”යි වදාළ සේක.
යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.
ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැඟ යනවාත්, බැස එනවාත් ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක.
සමූහයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ ‘ක්‍රිස්තුවරයාණෝ සදහට ම වැඩවසති’යි ව්‍යවස්ථාවලියෙන් අප අසා ඇත. එසේ නම් මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවනු ලැබිය යුතු යයි ඔබ කියන්නේ කෙසේ ද? මේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් දැ”යි ඇසූ හ.
තවද, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අධිකාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක.
ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ.
එවිට ප්‍රේරිතයෝ ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.
මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි.
එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.
“සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක. පාරාන් කන්දේ සිට බැබළුණු සේක. දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක. දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක.
අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආගමනයේ දී, උන් වහන්සේ ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් ප්‍රෞඪ කිරීටයත් කවරෙක් ද? ඔබ ම නොවන්නහු ද?
අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!
මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.
ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව,
එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.
එහෙත් ඔව්හු දැන් වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳාණෝ යයි කියනු ලබනවාට උන් වහන්සේ ලජ්ජා නොවන්නේ උන් වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙළ කර තිබෙන නිසා ය.
මන්ද, මතු එන්නට තිබෙන ඉෂ්ට විපාකය හිත ගත් බැවින්, මිසරයේ යසඉසුරුවලට වඩා විමුක්ති දායකයාණන් නමින් එන අවමානය මහත් සම්පතකැයි ඔහු සිතී ය.
අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.
යමෙක් පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරයි; යමෙක් පුත්‍රයාණන් වහන්සේ පිළිගන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් පිළිගන්නේ ය.
ඉතින් මාගේ ප්‍රිය දරුවෙනි, උන් වහන්සේ තුළ පවතින්න. එසේ කළ යුත්තේ උන් වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසැක ව සිටින පිණිසත්, උන් වහන්සේගේ ආගමනයේ දී ඔබ උන් වහන්සේ ඉදිරියේ ලජ්ජා රහිත ව සිටින පිණිසත් ය.
ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය.