ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 16:14 - Sinhala New Revised Version

පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

පසුව එකොළොස් දෙනා කෑමට හාන්සි වී සිටියදී, උන්වහන්සේ ඔවුන්ට පෙනී, ඔවුන්ගේ විශ්වාසය නැතිකම හා සිත් දැඩිකම ගැන ඔවුන්ට තරවටු කළ සේක. මන්ද උන්වහන්සේ නැගිටුණු පසු, උන්වහන්සේ දුටු අය කී දේ ඔවුන් විශ්වාස කළේ නැති බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පසුව උන්වහන්සේ එකොළොස්දෙන කෑමට හාන්සිවී සිටියදී ඔවුන්ට පෙනී, නැගුටුණයින් පසු තමන්වහන්සේව දුටු අයව ඔවුන් විශ්වාස නොකළ නිසා, ඔවුන්ගේ විශ්වාසය නැතිකමටත් සිත් දැඩිකමටත් ඔවුන්ට දොස්තැබූසේක.

පරිච්ඡේදය බලන්න



මාක් 16:14
24 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මේ සෙනඟ කොපමණ කල් මා හෙළා දකින්නෝ ද? ඔවුන් මැද මා කළ හාස්කම් දැක දැකත් ඔවුන්ට මා කෙරෙහි විශ්වාසය තැබීමට තව කොපමණ කල් ගතවේ ද?


එකල උන් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවලින් බොහොමයක් කරනු ලැබූ නගරවල වැසියන් පසුතැවී සිත් හරවා නොගත් බැවින්, උන් වහන්සේ ඒවාට වරද තබන්න පටන්ගෙන මෙසේ වදාළ සේක:


උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.”


ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ.


උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබත් වෙන අය සේ ම අවබෝධයක් නැති ව සිටින්නහු ද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක් වත්,


මෙ‍පුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ.


එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,


එහෙයින් සෙසු ශ්‍රාවකයෝ, “අපි සමිඳාණන් වහන්සේ දුටිමු”යි ඔහුට කී හ. එහෙත් ඔහු කතා කොට, “උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමි”යි කී ය.


අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය. තෝමස් ද ඔවුන් සමඟ සිටියේ ය. දොරවල් වසා තිබිණි. එහෙත්, ජේසුස් වහන්සේ පැමිණ, ඔවුන් මැද වැඩ සිට: “ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක.


ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ”යි වදාළ සේක.


ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය.


මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය.


උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක.


කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය.


මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.