Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 17:20 - Sinhala New Revised Version

20 උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත්ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදුවන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 17:20
19 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ කතා කොට, “අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.


සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය.


“මනුෂ්‍යයන්ට නොහැකි දේ දෙවියන් වහන්සේට හැකි ය”යි වදාළ සේක.


මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය.


ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ සැක නොකොට, ඇදහිල්ල ඇති ව සිටින්නහු නම්, මේ අත්තික්කා ගසට මා කළ දෙය ඔබත් කරනු ඇත. එපමණක් නොව, මේ කන්දට, ‘ඉදිරී ගොස් මුහුදේ වැටේ වා’යි කීවොත් එය ද සිදුවනු ඇත.


ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක.


දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලු අබිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.


උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි තවත් උපමාවක් වදාරමින්, “ස්වර්ග රාජ්‍යය මෙබඳු ය. එක්තරා මිනිසෙක් සිය කෙතෙහි අබ ඇටයක් වපුළේ ය.


ජේසුස් වහන්සේ කතා කොට, “ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ”යි ඈට වදාළ සේක.


එය අබ ඇටයකට සමාන ය. එය පොළොවේ වපුරන කල මිහි පිට සියලු බීජවලට වඩා කුඩා වුවත්,


එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට නුපුළුවන් වූ බව අපට පෙනේ.


ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “අහෝ! ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.


අන් කෙනෙකුට ආත්මයාණන් තුළ විශ්වාසය ද, එම ආත්මයාණන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ වරම ද දී ඇත.


ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.


උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.


එවිට ශ්‍රාවකයෝ පෞද්ගලික ව ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ඒ දුෂ්ටාත්මය දුරු කරන්න අපට බැරි වූයේ මන්දැ”යි ඇසූහ.


ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේ අදහාගන්න.


“එන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්