අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.
මාක් 15:40 - Sinhala New Revised Version ස්ත්‍රීහු ද දුරින් බලා සිටියහ. ඔවුන් අතර, ගලීලයේ සිටිය දී උන් වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත්, කුඩා ජාකොබ්ගේ ද ජෝසෙප්ගේ ද මව වූ මරියාත්, සලෝමිත්, සිංහල කාලීන පරිවර්තනය ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ. Sinhala New Revised Version 2018 ස්ත්‍රීහු ද දුරින් බලා සිටියහ. ඔවුන් අතර, ගලීලයේ සිටිය දී උන් වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත්, කුඩා ජාකොබ්ගේ ද ජෝසෙප්ගේ ද මව වූ මරියාත්, සලෝමිත්, Sinhala Revised Old Version ඔවුන් අතරේ උන්වහන්සේ ගලීලයේ සිටි කල්හි උන්වහන්සේ කැටුව ගියාවූ, |
අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.
පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය;
මොහු වඩුවාගේ පුතා නොවේ ද? මොහුගේ මවගේ නම මරියා නොවේ ද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසෙප්, සීමොන් සහ ජූදස් නොවෙත් ද?
සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ.
සබත් දින ගෙවුණු පසු මග්දලායේ මරියා ද ජාකොබ්ගේ මව වූ මරියා ද සලෝමි ද ගොස්, උන් වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.
සතියේ පළමු වන දා අලුයම ජේසුස් වහන්සේ නැඟිට වදාළ කල, උන් වහන්සේ තමන් විසින් දුෂ්ටාත්මයන් සත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලායේ මරියාට මුලින් ම දර්ශනය වූ සේක.
ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය.
උන් වහන්සේ දැන හැඳින සිටි සියල්ලෝ ද ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ද ඒ දේ නරඹමින් දුරින් සිටියහ.
සෙසු ප්‍රේරිතවරුන් ද සමිඳාණන් වහන්සේගේ සහෝදරයන් ද, කේපස් ද මෙන් කිතුනු බිරිඳක කැටුව යාමට අපටත් අවසර නැද් ද?
දෙවියන් වහන්සේගේත් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේත් සේවකයෙකු වන ජාකොබ් නම් මම, ලොව පුරා විසිර සිටින ගෝත්‍ර දොළොසට සුබ පතමින් මෙය ලියා එවමි.