සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා! මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා! ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”
විලාප ගී 3:58 - Sinhala New Revised Version සමිඳුනි, ඔබ මා වෙනුවෙන් කරුණු වදාළ සේක. මාගේ ප්‍රාණය මිදූ සේක. Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබ මා වෙනුවෙන් කරුණු වදාළ සේක. මාගේ ප්‍රාණය මිදූ සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ආත්මය වෙනුවට කාරණා කීසේක; මාගේ ප්‍රාණය මිදූසේක. |
සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා! මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා! ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”
ජෝබ්, ‘මට දෙවිඳුන් නොපෙනේ ය. එහෙත්, නඩුව එතුමාණන් අතේ ය; මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි’යි ඔබ කියන්නෙහි ය,
හිමි තුමාණෝ සිය මෙහෙකරුවන් මුදන සේක. එතුමන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝ ය.
මම ඔබට ගී ගයමින් ප්‍රශංසා කරන්නෙමි; ඔබ මා මිදූ බැවින් මම ඔබට හද පත්ලෙන් ගී ගයන්නෙමි.
නුඹලාගේ දෙවි සමිඳාණෝ නුඹලා ආරක්ෂා කරන සේක. එතුමාණෝ මෙසේ වදාරන සේක: “මාගේ උදහසින් නුඹලාට බොන්න දුන් මාගේ කුසලාන නුඹලා අතින් ඉවත් කරන්නෙමි. මින්පසු නුඹලා වැනෙන පමණට මාගේ කෝපය නමැති කුසලානෙන් නොබොන්නහු ය.
ජෙරමියා යාච්ඤා කරමින්, “යුක්ති සහගත ලෙස විනිශ්චය කරන, හෘදයත්, සිතත් විමසන සියලු බලැති සමිඳුනි, මාගේ නඩුව මා ඔබ ඉදිරියේ තබා ඇති බැවින් ඔවුන්ගෙන් ඔබ පළි ගනු දැකීමට මට ඉඩ ලැබේ වා!”යි කී ය.
එහෙත්, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න වන සේක, උන් වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ පැමිණිල්ල සාධාරණ ලෙස විසඳන සේක; ලොවට සාමය දෙන සේක; එහෙත්, බබිලෝනියේ වැසියන්ට කැළඹීම ඇති කරන සේක.
එබැවින් සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ජනයාට මෙසේ වදාළ සේක: “මම නුඹලාට යුක්තිය ඉටු කරමි. නුඹලා උදෙසා පළිගන්නෙමි. මම බබිලෝනියේ මුහුද හිඳී යන්නට සලස්වා, ඇගේ උල්පත් වියළී යන්නට සලස්වන්නෙමි.
නාබල් මළ බව දාවිත් අසා, “නාබල් අතින් මට වූ නින්දාව ගැන යුක්තිය ඉටු කළ, තමන් වහන්සේගේ මෙහෙකරුවා නපුරෙන් වැළකූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ ම හිස පිටට හැරෙවූ සේකැ”යි කී ය. දාවිත් අබිගායිල් සරණපාවා ගන්න අදහසින් ඒ ගැන ඈ සමඟ කතා කරගන්නට පණිවුඩකාරයන් යැව්වේ ය.