විලාප ගී 3:43 - Sinhala New Revised Version ඔබ වහන්සේ උදහසින් සැඟවී සිට අප පසුපස ලුහුබැඳ ආ සේක. අනුකම්පා නොකොට අප මරාදැමූ සේක. Sinhala New Revised Version 2018 ඔබ වහන්සේ උදහසින් සැඟවී සිට අප පසුපස ලුහුබැඳ ආ සේක. අනුකම්පා නොකොට අප මරාදැමූ සේක. Sinhala Revised Old Version ඔබවහන්සේ උදහසින් සැඟවී සිට අප පස්සේ එළවාගෙන ආසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක. |
සමිඳාණෝ තමන් යෝජනා කළ දේ ඉටු කළ සේක. එතුමාණෝ පුරාණයේ සිට නියම කර තිබුණු තර්ජන ක්‍රියාත්මක කළ සේක. එතුමාණෝ අනුකම්පා විරහිත ව ඔබ විනාශ කළ සේක. සතුරා ඔබට විරුද්ධ ව සන්තෝෂ වන්න සලස්වා, ඔබේ එදිරිකාරයන්ගේ බලය වැඩි කළ සේක.
බාලයා ද මහල්ලා ද වීදිවල බිම වැතිර සිටිති; මාගේ තරුණ තරුණියෝ කඩු පහරින් වැටුණෝ ය. ඔබේ උදහසේ දවසේ දී ඔබ ඔවුන් නැසූ සේක; නිර්දය ලෙස ඔවුන් ඝාතනය කළ සේක.
මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරන්නෙමි. පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. පහර දෙන්නේ ස්වාමීන් වන මා බව මෙසේ නුඹලා දැනගන්නහු ය.
එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක.
එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.