ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.
විනිශ්චයකාරයෝ 7:4 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “සෙනඟගේ ගණන තවමත් වැඩි ය. ඔවුන් වතුර සමීපයට ගෙන එන්න, එහි දී මම ඔවුන් වෙන් කොට ඔබට තෝරා දෙන්නෙමි. ‘මොහු නුඹ සමඟ යා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු යන්නේ ය. ‘මොහු නුඹ සමඟ නොයා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු නොයන්නේ යැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “සෙනඟගේ ගණන තවමත් වැඩි ය. ඔවුන් වතුර සමීපයට ගෙන එන්න, එහි දී මම ඔවුන් වෙන් කොට ඔබට තෝරා දෙන්නෙමි. ‘මොහු නුඹ සමඟ යා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු යන්නේ ය. ‘මොහු නුඹ සමඟ නොයා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු නොයන්නේ යැ”යි වදාළ සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: සෙනඟ තවම වැඩිය; ඔවුන් වතුර සමීපයට ගෙනෙන්න, මම එහිදී ඔවුන් නුඹ උදෙසා විමසන්නෙමි. මොහු නුඹ සමඟ යේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු යන්නේය; මොහු නුඹ සමඟ නොයේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු නොයන්නේයයි කීසේක. |
ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.
එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.
චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.
මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.
ගිඩියොන් සෙනඟ වතුර ළඟට ගෙනාවේ ය. සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “බල්ලෙකු ලෙවකා බොන ලෙස තමන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැම දෙන ද වතුර බොන්නට දණ ගසන හැම දෙන ද වෙන වෙන ම සිටුවන්නැ”යි වදාළ සේක.
ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.