විනිශ්චයකාරයෝ 6:9 - Sinhala New Revised Version මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන්ගේ අතින් ද නුඹලා නිදහස් කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශය නුඹලාට දිනිමි. Sinhala New Revised Version 2018 මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන්ගේ අතින් ද නුඹලා නිදහස් කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශය නුඹලාට දිනිමි. Sinhala Revised Old Version මිසරවරුන්ගේ අතින්ද නුඹලාට පීඩාකළ සියල්ලන්ගේ අතින්ද නුඹලා නිදහස්කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශය නුඹලාට දුනිමි; |
ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද, මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් සහ ජෙබුසිවරුන් පන්නාදමමි.
මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ය කියා ද, නුඹලා වාසය කළ දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට ගරුබිය නොදක්වන්න කියා ද මම නුඹලාට කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නොදෙන්නහු ය.”
උන් වහන්සේ දිවැසිවරයෙකු ඉශ්රායෙල් ජනයා වෙත එවූ සේක. ඔහු ඔවුන් අමතා, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ”යි කී ය. “මම නුඹලා මිසරයෙන් පිටතට ගෙනවුත්, වහල්කමේ නිවාසයෙන් පිටතට පැමිණෙව්වෙමි.
ඔහු ඉශ්රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේ ය: “ඉශ්රයෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඉශ්රායෙල් සෙනඟ වන නුඹලා මිසරයෙන් ගෙනවුත් මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන් ද නුඹලා ගළවාගතිමි.