Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:9 - Sinhala Revised Old Version

9 මිසරවරුන්ගේ අතින්ද නුඹලාට පීඩාකළ සියල්ලන්ගේ අතින්ද නුඹලා නිදහස්කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශය නුඹලාට දුනිමි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන්ගේ අතින් ද නුඹලා නිදහස් කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශය නුඹලාට දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන්ගේ අතින් ද නුඹලා නිදහස් කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශය නුඹලාට දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:9
7 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට එවූසේක. ඔහු ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹලා මිසරයෙන් ගෙනැවිත්, නුඹලා වහල්කමේ ගෙයින් පිටතට පැමිණෙවුවෙමි;


මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියාද නුඹලා වාසයකරන දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට භයනොවන්න කියාද නුඹලාට කීයෙමි. එහෙත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් දුන්නේ නැතැයි කියනසේකැයි කීවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනැවිත් මිසරවරුන්ගේ අතින්ද නුඹලාට පීඩාකළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන්ද නුඹලා ගළවාගතිමි.


අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.


උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්