ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 3:12 - Sinhala New Revised Version

ඉශ්රායෙල් සෙනඟ යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව මෝවබ්හි රජ වූ එග්ලොන් බලවත් කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් සෙනඟ යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව මෝවබ්හි රජ වූ එග්ලොන් බලවත් කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නැවත ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ඔවුන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව මෝවබ්හි රජවූ එග්ලොන් බලවත් කළසේක.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 3:12
15 හුවමාරු යොමු  

සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකු ව ගරුබුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු ව සිටියේ ය. මන්ද, ඔහු කරණකොටගෙන සමිඳාණන් වහන්සේ සිරියන්වරුන්ට ජය දී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය.


එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “පොරොව පාවිච්චි කරන්නාට වඩා පොරොව උතුම් ය යි එයට කිය හැකි ද? කියත පාවිච්චි කරන්නාට වඩා කියත උතුම් ය යි එයට කිය හැකි ද? මුගුරකට හෙවත් සැරයටියකට මිනිසෙකු එසවිය නොහැකි ය. මුගුර හෙවත් සැරයටිය ඔසවන්නේ මිනිසා ය.


මේ සියල්ල කරන්න මා පුරාණයේ සිට ම අදහස් කර අධිෂ්ඨාන කළ බව නුඹ නොදන්නෙහි ද? ඒවා දැන් මම ඉටු කෙළෙමි. පවුරු ඇති නගර නාස්ති කොට ඒවා නටබුන් ගොඩවල් කරන්න නුඹට බලය දුන්නේ මම ය.


නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’


“ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත.


“රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක.


“අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.


ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ.


සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.


එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය.


එවිට හතළිස් අවුරුද්දක් දේශයේ සාමය පැවතුණේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මැරුණේ ය.


එහෙත්, ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළෝ ය. එවිට උන් වහන්සේ හාශොර්හි සේනාධිපතියා වූ සිසෙරා අතටත්, පිලිස්තිවරුන් අතටත්, මෝවබ්හි රජු අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය.