Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 2:14 - Sinhala New Revised Version

14 සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 2:14
35 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල් වංශය අත්හැර ඔවුන්ට පීඩා කොට ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් ඉවත්කර දමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.


ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?


සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට ද අම්මොන්වරුන්ගේ අතට ද පාවා දුන් සේක.


සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි.


මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත.


එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.


නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ “


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.


ඔබ අප තඹ දොයිතුවට විකුණු සේක; ඒ වෙළඳාමෙන් කිසි ලාභයක් නොගත් සේක.


ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය.


අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය.


සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය.


“මේ පොතේ ලියා ඇති නීති සියල්ලට අවනත වී නොපිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ යන බියජනක, ශ්‍රී නාමයට ගරුබිය දක්වන පිණිස,


“සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.


“ඔබේ නපුරු ක්‍රියාවලින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හළ නිසා උන් වහන්සේ ඔබ නාස්ති වී, විගස වැනසී යන තෙක් ඔබටත් ඔබේ වැඩකටයුතු සියල්ලටත් සාපය ද වියවුල් ද තර්ජන ද පමුණුවන සේක.


බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත.


මම ද කෝපාවිෂ්ට ව නුඹලාගේ පාප නිසා නුඹලාට තව හත් ගුණයකින් දරුණු ලෙස දඬුවම් කරමි.


සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ ජාතිය මාගේ හඬට සවන් නොදී, මා ඔවුන්ගේ පියවරුන්ට අණ කළ මාගේ ගිවිසුම කඩ කළ බැවින්,


ඉශ්රායෙල් සෙනඟ යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව මෝවබ්හි රජ වූ එග්ලොන් බලවත් කළ සේක.


එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.


සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඇවිළී ඒ කාලය මුළුල්ලෙහි උන් වහන්සේ සිරියාවේ රජු වන හසායෙල් අතටත්, හසායෙල්ගේ පුත් බෙන්-හදද් අතටත් ඔවුන් පාවා දුන් සේක.


එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ඔවුන්ට පීඩා කළෝ ය. ඔවුන්ගේ පීඩා කාලයේ දී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට සවන් දී, ඔබේ මහානුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් විමුක්තිදායකයන් ඔවුන්ට දුන් සේක.


මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.


මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ගිවිසුම ඔබ කඩ කළහොත්, අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කළහොත්, උන් වහන්සේගේ උදහස ඔබට විරුද්ධ ව ඇවිළී ඔබට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඔබ විගසින් නැති කරදමනු ඇත.”


සමිඳාණන් වහන්සේගේ උදහස යළිත් ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව දාවිත් පොළඹවමින්, “නුඹ ගොස්, ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද ගණන් කරන්නැ”යි ඔහුට වදාළ සේක.


ඒ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සිරියාවේ රජු අතට පාවා දුන් සේක. සිරියන්වරු ඔහුට පහර දී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙන ගියෝ ය. ඔහු ඉශ්රායෙල් රජු අතටත් අසුවූයෙන් ඒ රජ තෙමේ මහා ඝාතනයකින් ඔහු පරාජය කෙළේ ය.


මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක;


කොල්ලකාරයන් අතට ඉශ්රායෙල්වරුන් භාර දුන්නේ කවරෙක් ද? සමිඳාණෝ නොවන සේක් ද? අප පව් කෙළේ එතුමන්ට විරුද්ධ ව ය. එතුමන්ගේ මාර්ගයෙහි අපි ගමන් නොකෙළෙමු. එතුමන්ගේ අණපණත්වලට අපි කීකරු නොවීමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්