තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි.
විනිශ්චයකාරයෝ 19:14 - Sinhala New Revised Version මෙසේ ඔව්හු තවදුරටත් ගමන් කොට, බෙන්ජමින්ට අයිති ගිබියා පෙදෙසට ළඟා වන විට ඉර බැස ගියේ ය. Sinhala New Revised Version 2018 මෙසේ ඔව්හු තවදුරටත් ගමන් කොට, බෙන්ජමින්ට අයිති ගිබියා පෙදෙසට ළඟා වන විට ඉර බැස ගියේ ය. Sinhala Revised Old Version මෙසේ ඔවුන් තව දුරටත් ගමන් කොට බෙන්යමින්ට අයිති ගිබියාට ළඟාවෙන විට ඉර බැස්සේය. |
තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි.
තවද, ඔහු කතා කොට, “ගිබියාවෙහි හෝ රාමාහි හෝ නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟා වමු”යි තමාගේ වැඩ-කාරයාට කීවේ ය.
ඔව්හු ගිබියාවෙහි නවාතැන් ගන්න පිණිස ඒ දෙසට හැරී ගියෝ ය. ලෙවීවරයා ඇතුළු වී නුවර වීදියේ හිඳගත්තේ ය. මන්ද, කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්හ.
ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩ කර සවස් වූයෙන් ආවේ ය. ඒ මිනිසා කඳු රටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කෙළේ ය. එහෙත්, එහි වැසියෝ බෙන්ජමින්වරු ය.