Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:16 - Sinhala New Revised Version

16 ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩ කර සවස් වූයෙන් ආවේ ය. ඒ මිනිසා කඳු රටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කෙළේ ය. එහෙත්, එහි වැසියෝ බෙන්ජමින්වරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩ කර සවස් වූයෙන් ආවේ ය. ඒ මිනිසා කඳු රටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කෙළේ ය. එහෙත්, එහි වැසියෝ බෙන්ජමින්වරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නුමුත් මහලු මනුෂ්‍යයෙක් කෙතේ වැඩකර සවස ආවේය; ඒ මනුෂ්‍යයා එප්‍රායිම් කඳු රටේ කෙනෙක්ය, හෙතෙම ගිබියාහි වාසයකෙළේය. එහෙත් ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ බෙන්යමින්වරුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:16
16 හුවමාරු යොමු  

භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”


එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.


මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය.


නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි; වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි.


වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.


කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.


මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි. දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද?


කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත.


ගිබියාහි දී මෙන් ඔව්හු අතිශයෙන් දූෂණය වී සිටිති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පව් සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් දෙන සේක.”


සොරකම් කළ අය තවත් සොරකම් නොකරත් වා. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකිවන සේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත් වා.


“වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු.


ඉශ්රායෙල්හි රජ කෙනෙකු නොසිටි කාලයේ දී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ ලෙවීවරයෙක් වාසය කෙළේ ය. ඔහු ජුදයේ බෙත්ලෙහෙමෙන් උපභාර්යාවක සරණ පාවාගත්තේ ය.


මෙසේ ඔව්හු තවදුරටත් ගමන් කොට, බෙන්ජමින්ට අයිති ගිබියා පෙදෙසට ළඟා වන විට ඉර බැස ගියේ ය.


ඔව්හු ගිබියාවෙහි නවාතැන් ගන්න පිණිස ඒ දෙසට හැරී ගියෝ ය. ලෙවීවරයා ඇතුළු වී නුවර වීදියේ හිඳගත්තේ ය. මන්ද, කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්හ.


ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, “ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්