Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 13:2 - Sinhala New Revised Version

2 තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 තුන් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මීකායාය, ඈ ගිබියාහි උරියෙල්ගේ දුවෙක්ය. අබියාද යෙරොබොවම්ද අතරේ යුද්ධ තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:2
11 හුවමාරු යොමු  

ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.


ජෙරොබෝවම් රජකම් කළ කාලය විසිදෑවුරුද්දකි. ඔහු මරණයට පත් වූ පසු ඔහුගේ පුත් නාදාබ් ඔහු වෙනුවට රජ විය.


තුන් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.


ඈට පසු ව ඔහු අබ්සලොම්ගේ දූ වන මයකා පාවාගත්තේ ය. ඈ අබියා ද අත්තයි ද සීසා ද ෂෙලොමිත් ද ඔහුගෙන් ලැබුවා ය.


මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය.


එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය.


ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.


මෙසේ ඔව්හු තවදුරටත් ගමන් කොට, බෙන්ජමින්ට අයිති ගිබියා පෙදෙසට ළඟා වන විට ඉර බැස ගියේ ය.


ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩ කර සවස් වූයෙන් ආවේ ය. ඒ මිනිසා කඳු රටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කෙළේ ය. එහෙත්, එහි වැසියෝ බෙන්ජමින්වරු ය.


සාවුල් ද ගිබියාහි තිබූ සිය ගෙදරට ගියේ ය. දෙවියන් වහන්සේ විසින් සිත් ප්‍රබෝධ කරන ලද සේනාවක් ද ඔහු සමඟ ගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්