ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය.
ලෙවී කථාව 4:6 - Sinhala New Revised Version ඔහු ද තම ඇඟිල්ල ලේවල ගල්වා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධස්ථානයේ තිරය මත හත් වරක් එය ඉසිය යුතු ය. Sinhala New Revised Version 2018 ඔහු ද තම ඇඟිල්ල ලේවල ගල්වා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධස්ථානයේ තිරය මත හත් වරක් එය ඉසිය යුතු ය. Sinhala Revised Old Version පූජකයාද තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ලෙයින් සත් වරක් ඉසිය යුතුය. |
ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය.
දකුණතේ ඇඟිල්ල වමතේ අල්ලේ ඇති තෙලට දමා, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය.
තම අතේ ඇති ඉතිරි තෙල පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ හිස මත වත් කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු වෙනුවෙන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.
ඉන්පසු ඔහු ගොන් වස්සාගේ ලෙය ඇඟිල්ලෙන් ගෙන, කරුණාසනයේ නැගෙනහිර පැත්තට ඉස, එහි ඉස්සරහ පැත්තට ද හත්වරක් ඉසිය යුතු ය.
ඒවා මත සිය ඇඟිල්ලෙන් හත්වරක් ලේ ඉසිමින්, ඒවා පවිත්‍ර කළ යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකමින් ඒවා විශුද්ධ කළ යුතු ය.”
“අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත.
“මේ සියල්ලෙන් පසු පවා නුඹලා මට සවන් නොදෙන්නහු නම්, මම නුඹලාගේ පාපවලට දඬුවම් සත් ගුණයකින් වැඩි කරන්නෙමි.
පසුව ඔහු ලේවල තම ඇඟිල්ල ගල්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිරය මත හත්වරක් ඉසිය යුතු ය.
පසුව පූජකවරයා පාප පූජාවට පිදූ සතාගේ ලෙයින් ටිකක් ඇඟිල්ලෙන් ගෙන දවන යාගය පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ලෙයින් ඉතිරි කොටස දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.
ඉන්පසු පූජකවරයා උගේ ලෙයින් ටිකක් තම ඇඟිල්ලෙන් ගෙන දවන යාග පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ඉතිරි ලේ සියල්ල පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.
පූජකවරයා ද උගේ ලෙයින් ටිකක් තම ඇඟිල්ලෙන් ගෙන දවන යාගය පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ඉතිරි ලේ සියල්ල පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.
ඔහු ඒ තෛලය පූජාසනය මත හත්වරක් ඉස, පූජාසනය ද එහි සියලු උපකරණ ද වතුර භාජන හා එහි අඩිය ද ආලේප කොට කැප කෙළේ ය.
ඉන්පසු මෝසෙස් ඌ මරා, උගේ ලේ ගෙන, තම ඇඟිල්ලෙන් පූජාසනය වටේට තිබූ අං මත එය තවරා, පූජාසනයේ දොස් පහකොට, එහි පාමුල ඉතිරි ලේ වත් කොට එය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරමින් එය කැප කෙළේ ය.
ආරොන්ගේ පුත්‍රයන් ද වස්සාගේ ලෙය ඔහු වෙත ගෙනා විට, ඔහු එහි තම ඇඟිල්ල ගල්වා පූජාසනයේ අං පිට තවරා, ඉතිරි ලෙය පූජාසනයේ පාමුල වත් කෙළේ ය.
ඉන්පසු එලෙයාසර් තම ඇඟිල්ලෙන් උගේ ලේ ටිකක් සම්මුඛ මණ්ඩපය දිශාවට හත් වරක් ඉසිය යුතු ය.
පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා!
ජෝෂුවා සෙනඟට කතා කොට නිම වූ කල, පූජකවරු සත්දෙනා බැටළු අං හොරණෑ සතක් ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පස්සෙන් ගෙනයනු ලැබී ය.