Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:7 - Sinhala New Revised Version

7 ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 කුෂ්ඨයෙන් පවිත්‍රවෙන්ට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණපිටින් සිටින පක්ෂියා එළිමහනෙහි නිදහස්කර හරීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:7
29 හුවමාරු යොමු  

නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”


දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති. රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති. ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති. කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.


එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය.


එලිෂා කතා කොට, “ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය”යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය.


දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!


මන්ද, මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියා දුන් පසු, වස්සන්ගේත්, එළුවන්ගේත් ලේ සමඟ වතුර ද රතු ලොම් ද හිසොප් ද ගෙන:


මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, වතුර හා රුධිරය කරණකොටගෙන පැමිණි තැනැන් වහන්සේ ය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිව ය. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි.


නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය.


එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.


එසේ නොවූයේ නම්, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක.


එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය.


එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය.


එතුමාණෝ අපට යළි අනුකම්පා කරන සේක; අපේ පව් පාගාදමන සේක; අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙළාදමන සේක.


“නුඹේ ජාතිය හා නුඹේ ශුද්ධ නුවර සම්බන්ධයෙන් සති සැත්තෑවක් නියමකර ඇත. එවිට කැරලි ගැසීම නතර කරනු ලබන්නේ ය; පාපය කෙළවර කරනු ලබන්නේ ය; අපරාධය සමා කරනු ලබන්නේ ය; සදාතන යුක්තිය පිහිටුවනු ලබන්නේ ය; දර්ශන හා දිවැස් වැකි ස්ථිර කරනු ලබන්නේ ය; අතිශුද්ධස්ථානය සංස්කාර කරනු ලබන්නේ ය.


ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.


මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව.


එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය.


ඒවා මත සිය ඇඟිල්ලෙන් හත්වරක් ලේ ඉසිමින්, ඒවා පවිත්‍ර කළ යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකමින් ඒවා විශුද්ධ කළ යුතු ය.”


ඉන්පසු ඔහු ගොන් වස්සාගේ ලෙය ඇඟිල්ලෙන් ගෙන, කරුණාසනයේ නැගෙනහිර පැත්තට ඉස, එහි ඉස්සරහ පැත්තට ද හත්වරක් ඉසිය යුතු ය.


පිරිසිදු වතුරේ මැරූ පක්ෂියාගේ ලේවල කිහිරි ලී කෑල්ල ද හිසොප් පැළය ද දම් පාට රෙදි කඩ හා පණපිටින් සිටින පක්ෂියා ද දමා ඒ ගෘහයට හත්වරක් ඉසිය යුතු ය.


ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුදු පාට වී ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය. එවැන්නෙක් බෝවෙන චර්ම රෝගයෙන් පවිත්‍ර ය.


ඔහු ඒ තැනැත්තා යළි සෝදිසි කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය ඔහුගේ මුළු ශරීරය ම වසා ඇත්නම්, ඔහු ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය මුළුමනින් ම සුදු පාට වී ඇති බැවින් ඔහු පවිත්‍ර ය.


ඔහු ඒ තෛලය පූජාසනය මත හත්වරක් ඉස, පූජාසනය ද එහි සියලු උපකරණ ද වතුර භාජන හා එහි අඩිය ද ආලේප කොට කැප කෙළේ ය.


පසුව ඔහු ලේවල තම ඇඟිල්ල ගල්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිරය මත හත්වරක් ඉසිය යුතු ය.


ඔහු ද තම ඇඟිල්ල ලේවල ගල්වා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධස්ථානයේ තිරය මත හත් වරක් එය ඉසිය යුතු ය.


ඔහු තුන් වන දින හා සත් වන දින පවිත්‍ර වීමේ ජලයෙන් තමා පවිත්‍ර කරගත් විට ඔහු පවිත්‍ර වනු ඇත. එහෙත්, තුන් වන දින තමා පවිත්‍ර නොවුවොත් සත් වන දින ඔහු පවිත්‍ර ය යි නොසැලකේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්