තවද, තමන්ගේ නගරබද තණ බිම්වල විසූ පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියාපදිංචි වූ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් වශයෙන් පත් කොට ඇති මනුෂ්‍යයෝ සියලු නගරවල සිටියෝ ය.
ලෙවී කථාව 25:34 - Sinhala New Revised Version එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.” Sinhala New Revised Version 2018 එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.” Sinhala Revised Old Version එහෙත් ඔවුන්ගේ නගරබද ප්‍රදේශයේ කෙත් විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්ය. |
තවද, තමන්ගේ නගරබද තණ බිම්වල විසූ පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියාපදිංචි වූ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් වශයෙන් පත් කොට ඇති මනුෂ්‍යයෝ සියලු නගරවල සිටියෝ ය.
පූජකයන්ගේ සීමාවට යාව කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේ ය. මුළු දිග කිලෝමීටර් දොළහමාරක් ද පළල කිලෝමීටර් පහක් ද විය යුතු ය.
ඔව්හු එයින් කිසිවක් විකුණන්නට වත්, මාරු කරන්නට වත්, වෙන් කර අහිමි කරන්නට වත් නොයෙදතේවා. මන්ද එය සමිඳාණන් වහන්සේට ශුද්ධ ය.
“දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.
ලෙවී කෙනෙකු විසින් විකුණන ලද පවුරුවලින් වට වූ නගරයක ඇති නිවාසයක් මුදල් ගෙවා ආපසු නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී එය ආපසු ඔහුට දිය යුතු ය. මන්ද, නගරවල පිහිටි ලෙවීවරුන්ගේ නිවාස, ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට සදහට ම අයිති වේ.