Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:13 - Sinhala New Revised Version

13 පූජකයන්ගේ සීමාවට යාව කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේ ය. මුළු දිග කිලෝමීටර් දොළහමාරක් ද පළල කිලෝමීටර් පහක් ද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 පූජකයන්ගේ සීමාවට යාව කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේ ය. මුළු දිග කිලෝමීටර් දොළහමාරක් ද පළල කිලෝමීටර් පහක් ද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 පූජකයන්ගේ සීමාවට යාව විසිපන් දහසක් දිගද දස දහසක් පළලද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේය. මුළු දිග විසිපන් දහසක්ද පළල දස දහසක්ද විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:13
8 හුවමාරු යොමු  

ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න.


කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මාලිගාවේ සේවකයන් වන ලෙවීවරුන් වාසය සඳහා පිහිටුවීමට නගර පිණිස උරුමයක් වේ වා.


ඒ මිම්මෙන් කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අතිශුද්ධස්ථානය වන්නේ ය.


ඔබේ දේශයෙහි ඔබට දිවි ඇති තාක්, ලෙවීවරුන් අත් නොහැරීමට වගබලාගන්න.


ලෙවීවරුන්ගේ සීමාව ළඟ එය දේශයේ විශේෂ කොටස අතිශුද්ධ විශේෂ කොටස වන්නේ ය.


ඔව්හු එයින් කිසිවක් විකුණන්නට වත්, මාරු කරන්නට වත්, වෙන් කර අහිමි කරන්නට වත් නොයෙදතේවා. මන්ද එය සමිඳාණන් වහන්සේට ශුද්ධ ය.


“නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට නුඹේ ඉඩම්වලින් හොඳ ම නාඹුල් පල ගෙනා යුතු ය. “එළු පැටවෙකු උගේ මවගේ කිරෙන් නොපිසිය යුතු ය.”


එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්