Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 25:23 - Sinhala New Revised Version

23 “දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. නුඹලා වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:23
22 හුවමාරු යොමු  

“ආගන්තුකයෙක් වූ මම ඔබ සමඟ ටික කලකට වාසය කරන්නෙක්මි. මාගේ භාර්යාවගේ මළසිරුර ගෙන ගොස් වැළලීම පිණිස මට ම උරුම වන ලෙස සොහොන් පොළක් මට දෙන්නැ”යි කීවේ ය.


ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.


“මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා”යි නාබොත් ආහබ්ට කී ය.


මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය.


මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත.


මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.


පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.


සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව; මාගේ මොරගෑමට සවන් දුන මැනව; මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව. මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.


මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.


සමිඳුනි, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක.


එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.


ඇය ඔහුට දාව පුතෙකු ලැබුවෙන්, මෝසෙස් “මම අමුතු රටක අමුත්තෙකු මෙන් සිටියෙමි” කියා ඔහුට ගේර්ෂොම් යන නාමය තැබී ය.


ඔව්හු ගෙල දක්වා ඉහළට නැඟ සෑම තැනම පැතිරී යන ජල ගැල්මක් සේ ජුදා පුරා පැතිරී යන්නෝ ය.” දෙවියන් වහන්සේ අප සමඟ ය. විහිදී ඇති පියාපත්වලින් උන් වහන්සේ රට ආරක්ෂා කරන සේක.


ඔව්හු එයින් කිසිවක් විකුණන්නට වත්, මාරු කරන්නට වත්, වෙන් කර අහිමි කරන්නට වත් නොයෙදතේවා. මන්ද එය සමිඳාණන් වහන්සේට ශුද්ධ ය.


එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය.


එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන උද්‍යෝගවත් වී සෙනඟට අනුකම්පා කළ සේක.


මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි.


මෙලෙස නුඹලා පණස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය.


“ඉඩකඩම් විකුණන විට ඒවා ආපසු මිල දී ගැනීමට මුල් හිමිකරුගේ අයිතිය පිළිගත යුතු ය.


එම්බා ජනයෙනි! දේව සෙනඟ ගැන ප්‍රීති වන්න. එතුමාණෝ සිය සෙනඟගේ මරණයට පළිගන්න සේක; සතුරන්ට දඬුවම් දෙන සේක; එහෙත්, සිය සෙනඟගේ දේශයට අනුකම්පා කරන සේක.”


ප්‍රේමවන්තයෙනි, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්