එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.
රෝම 14:13 - Sinhala New Revised Version එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර, සහෝදරයෙකුගේ පැකිළීමට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු. සිංහල කාලීන පරිවර්තනය එබැවින්, තවදුරටත් එකිනෙකා විනිශ්චය කිරීම නවතමු. ඔබේ සහෝදරයාගේ මාර්ගය පැකිළවීමේ හෝ බාධකයක් වන කිසිවක් නො කිරීමට තීරණ කරගන්න. Sinhala New Revised Version 2018 එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර, සහෝදරයෙකුගේ පැකිළීමට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු. Sinhala Revised Old Version එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න. |
එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.
“මහා මඟක් සාදන්න; මාගේ සෙනඟගේ බාධා ඉවත් කොට, මාර්ගය පහදා, සමතලා කර සූදානම් කරන්නැ”යි කියන හඬක් ඇසෙන්නේ ය.
“මනුෂ්‍ය පුත්‍රය, මේ මනුෂ්‍යයන් තමන්ගේ දේව රූපවලට සිය සිත් යොමු කර ඇත; ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දේ දෙසට නෙත් යොමා ඇත. මාගෙන් විමසන්න ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද?
බිහිරි කෙනෙකුට සාප නොකළ යුතු ය. අන්ධ කෙනෙකු යන මඟ හරහා අවහිරයක් නොතැබිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.
මෙවැනි බාධා ලොවේ ඇතිවීම කොතරම් දුකක් ද? බාධා ඇතිවීම නියත ය; එසේ වුව ද යමෙකු නිසා බාධා ඇති වේ ද, ඒ තැනැත්තාට වන විපතක මහත!
මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති.
තවද දාවිත් කතා කොට: “ඔවුන්ගේ කෑම් බීම් ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධකයක් හා දුර්විපාකයක් ද කරනු ලැබේ වා.
එසේ නම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන් ද? ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන් ද? අප සියල්ලන් ම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටිනු ඇත.
කොයි දේත් කන තැනැත්තා එසේ නොකන තැනැත්තාට අවමන් නොකෙරේ වා; නොකන තැනැත්තා ද කන තැනැත්තා විනිශ්චය නොකෙරේ වා. මන්ද, දෙවියන් වහන්සේ ඔහු පිළිගෙන ඇත.
අන් කෙනෙකුගේ මෙහෙකරුවා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද? ඔහුගේ නැඟීම හෝ වැටීම හෝ පිළිබඳ තීරණය ඔහුගේ ම ස්වාමියා සතු ය. ඔහුගේ නැඟීම ගැන සැකයක් නැත, ඔහු නඟා සිටු වීමට සමිඳාණන් වහන්සේට පුළුවන්කම ඇත.
සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න.
ස්ත්‍රියක, හිස නොවසා, දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම හොබනේ ද කියා ඔබ ම විනිශ්චය කරන්න.
සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි.
යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ලබනවාටත්, ගේදොර රැකබලාගන්නවාටත් මම කැමැති වෙමි. එවිට නින්දා කිරීම සඳහා විරුද්ධවාදීන්ට කිසි ඉඩක් නොලැබේ.
සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධ ව ඕපාදූප නොදොඩන්න. සහෝදරයෙකුට විරුද්ධ ව ඕපාදූප කියන්නා, නැතහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්නා ව්‍යවස්ථාවට අපහාස කරන්නේ ය; ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ ය. ඉදින් ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නෙහි නම්, ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නොව එය විනිශ්චය කරන්නෙකි.
එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය.