“එසේ වී නමුත්, ඔව්හු අකීකරු වී ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබේ ව්‍යවස්ථාවට පිටුපා, ඔබ වෙත ඔවුන් හරවාගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවැසිවරුන් මරා මහා දේව අපහාසයක් කළෝ ය.
රෝම 10:21 - Sinhala New Revised Version එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට: “අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි. සිංහල කාලීන පරිවර්තනය එහෙත්, ඉශ්‍රායෙල් ගැන ඔහු කියන්නේ, “දවස මුළුල්ලේ මා මගේ දෑත දිගු කරගෙන සිටියේ අකීකරුවූත්, හිතුවක්කාරවූත් ජනතාවක් වෙත ය” කියා ය. Sinhala New Revised Version 2018 එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට: “අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි. Sinhala Revised Old Version නුමුත් ඔහු ඉශ්‍රායෙල් ගැන කථාකොට: අකීකරුවූ විරුද්ධවාදීවූ සෙනඟකට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමියි කියයි. |
“එසේ වී නමුත්, ඔව්හු අකීකරු වී ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබේ ව්‍යවස්ථාවට පිටුපා, ඔබ වෙත ඔවුන් හරවාගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවැසිවරුන් මරා මහා දේව අපහාසයක් කළෝ ය.
තවද, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු සේවකයන් වූ දිවැසිවරුන් නිරන්තරයෙන් ඔබ වෙත එවූ නමුත්, ඔබ ඔවුන්ට සවන් දුන්නේ වත්, ඔවුන් කී දේ සිතට ගත්තේ වත් නැත.
මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත.
එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ “
ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.
මම ඔබේ කැරලිකාරකමත්, මුරණ්ඩුකමත් දනිමි. මා අද ජීවත් ව සිටිය දී ම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ කැරලිගසන්නහු නම්, මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහු ද?
“උන් වහන්සේ තවදුරටත් මට කතා කොට, ‘මම මේ සෙනඟ දැන අඳුනමි. ඔවුන් මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.
විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ.
තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය.