Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 10:20 - Sinhala New Revised Version

20 තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 ඉන්පසු යෙසායා නිර්භයව කතා කරමින්, “මා නො සෙවූ අය විසින් මා සොයාගෙන ඇත; මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි” යි පවසයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඇරත් යෙසායා ඉතා නිර්භීතව කථාකරමින්: මා නොසෙවුවන්ට සම්බවීමි; මා ගැන විභාග නොකළවුන්ට ප්‍රකාශවීමියි කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 10:20
14 හුවමාරු යොමු  

එසේ නම් අපි කුමක් කියමු ද? දමිටු බව නොසොයා සිටි විජාතීහු එවැනි දමිටු බවට, එනම්, ඇදහිල්ලේ ප්‍රතිඵලය වන දමිටු බවට පැමිණියහ.


එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”


එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.


මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝ ද ප්‍රථමයෝ අන්තිමයෝ ද වන්නෝ ය.”


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.


දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති. රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති. ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති. කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.


කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි; එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.


අප ප්‍රේම කරන්නේ උන් වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ බැවිනි.


එහෙත් නීතිය අනුව දමිටු බව සොයා ගිය ඉශ්රායෙල් සෙනඟ නීත්‍යනුකූල දමිටු බවට නොපැමිණියහ.


දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්‍රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්