ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රූත් 1:4 - Sinhala New Revised Version

ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු මෝවබ් ස්ත්‍රීන්ගෙන් භාර්යාවන් පාවාගත්තෝය; එක තැනැත්තියෙකුගේ නම ඔර්පාය, අනික් තැනැත්තියගේ නම රූත්ය. ඔව්හු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය.

පරිච්ඡේදය බලන්න



රූත් 1:4
7 හුවමාරු යොමු  

ඒ දවස්වල දී සමහර ජුදාවරුන් අෂ්දොද්හි ද අම්මොන්හි ද මෝවබ්හි දී ස්ත්‍රීන් පාවාගෙන සිටිනු මම දුටුවෙමි.


සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද,


“අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.


ඔවුන් සමඟ සරණබන්ධන ඇති කර නොගත යුතු ය. ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර නොදිය යුතු ය. ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන් හට ආවාහ කර නොගත යුතු ය.


එහි දී නයෝමිගේ ස්වාමි පුරුෂයා වූ එලිමෙලෙක් මළේ ය. නයෝමිට ඉතිරි වූයේ, පුත්තු දෙදෙනා පමණි.


ඉන්පසු මාලොන් ද කිලියොන් ද මළහ. එවිට පුතුන් දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද නැති වූයෙන් නයෝමි තනි වූවා ය.